ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.
පක්ෂ නායකත්වයේ සජිත් ප්‍රේමදාස මහතා සිටියදී නායකත්ව මණ්ඩලයක් පත්කොට ඒ මගින් මැතිවරණ සඳහා මුහුණදීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව පක්ෂ ජ්‍යෙෂ්ඨයන් බහුතරයකගේ මතය වී ඇතැයි “දේශය” වාර්තා කර තිබේ.
මේ සම්බන්ධ යෝජනාව නිල නොවන මට්ටමින් දැනට සාකච්ඡාවට ගෙන ඇති බවද එහි දැක්වේ.
නායකත්ව මණ්ඩලය සඳහා සුදුසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ජනප්‍රිය නායකයන් ගණනාවක් සිටින බැවින් ඒ සඳහා ඔවුන් පත්කළ යුතු බව මෙම අදහස ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී ඇත.
එසේම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කළ යුතු බවටද යෝජනා වී තිබේ.
සමගි ජනබලවේගය පසුගිය මැතිවරණයේදී මාර පරාජයක් ලැබුවේ එහි පාක්ෂිකයන් ඡන්ද පොළට ගෙන යාමටත් සිය වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් ජනතාවට පුළුල් ප්‍රචාරයක් ලබාදීමටත් නොහැකිවීම නිසා යැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් චෝදනා එල්ලවී තිබේ.
එසේම, මහ මැතිවරණයට අපේක්ෂකයන් තේරීමේ සිට ප්‍රචාරණ කටයුතුවලට ද ඇගිලි ගැසූ සජිත් මිතුරු ලක්ෂමන් ෆොන්සේකාගේ ක්‍රියාකලාපය ද මේ පරාජයට හේතුවක් බවට මේවන විට එහි පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගෙන් චෝදනා එල්ලවී තිබේ.
ජනපතිවරණයට රට වටා රැලි තියමින් විශාල ලෙස මුදල් එක් රැස්කරමින් ඡන්ද ව්‍යාපාරය මෙහෙයවූ ලක්ෂ්මන් ජනාධිපතිවරණයෙන් පසුව ප්‍රසිද්ධ රැස්වීම් තැබීමට කිසිදු උනන්දුවක් නොදක්වමින් මුදල් ඉතිරි කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ බවට ද මේවන විට එහි ඔවුන්ගෙන් චෝදනා එල්ලවී ඇති බව පැවසේ.