පුවත්

ලග්ගල මැණික් ව්‍යාපාරිකයෙක්ගෙන් කෝටි 7ක් කොල්ල කයි

Published

on

ලග්ගල – දේවාලදෙණිය ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වු නාදුනන පස් දෙනෙකු කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ ව්‍යාපාරිකයාගේ පියාගේ දෑත් දෙපා ගැටගසා රුපියල් කෝටි 7ක් පමණ වටිනා මැණික් ස්වර්ණාභරණ සහ මුදල් මෙන්ම මෝටර් රථයක් පැහැරගෙන ගොස් ඇතැයි ලග්ගල පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, පැහැරගෙන ගිය මෝටර් රථය ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ තලකිරියාගම අද (11) පෙරවරුවේ සොයා ගැනීමට හැකි වූ බවය.

ප්‍රදේශයේ මහා මාර්ගය අසල දමා ගොස් තිබියදී ලග්ගල ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු වන සුසන්ත ප්‍රදීප් කුමාර නොහොත් පොඩි රෝහණ නැමැති ව්‍යාපාරිකයාගේ මුදල් රන් භාණ්ඩ මෙන්ම කෝටි තුනක් පමණ වටිනා මැණික් ගලක් ඊයේ (10) රාත්‍රීයේදී මෙසේ සොරාගෙන ගොස් ඇතැයි ලග්ගල පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, රාත්‍රී 9 පසුවනවාත් සමඟ මෙම ව්‍යාපාරිකයා නිවසට පැමිණ නිවස ඉදිරිපිට බුදු මැදුරේ බුදුන් වඳීමින් සිටියදී නිවස පිටුපස තාප්පයකින් පැන පැමිණි මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයන් 5 දෙනෙකු පිස්තෝලයක් හිසට තබා ඔහු ඔසවාගෙන නිවස තුළට රැගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් බවය.

Trending

Exit mobile version