පුවත්

2025 අප්‍රේල් සිට SVAT ඉවත් කිරීම අරඹයි

Published

on

ශක්තිමත් බදු ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන තෙක් සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය (SVAT) ඉවත් කිරීම අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බවට පෙනී ගොස් ඇතැයි කැබිනට් තීරණ දැක්වෙන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනයක දැක්වේ.

ඒ අනුව එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය ඉවත් කිරීමට අදාළ විධිවිධාන ක්‍රියාත්මක වන දිනය 2025.04.01 ලෙස සංශෝධනය කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Trending

Exit mobile version