Connect with us

පුවත්

ලබන වසරේ ඖෂධ හිඟයක්

Published

on

ලබන වසරේ ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පෙරේදා පැවැති සාකච්ජාවකදී (28) අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

මේ බව හෙළිව ඇත්තේ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදීය.

එහිදී අක්ෂිකාච, සෝඩියම් බයි කාබනේට්, පෙනහළු ආබාධ රෝගීන්ට ලබාදෙන Amphotericin එන්නත්ද රෝහල් පද්ධතියේ නොමැති බව අනාවරණය වී තිබේ.

දිවයින පුරා පිහිටි රෝහල්වලට අත්‍යාවශ්‍ය ඖෂධ 850 ක් අවශ්‍ය වුවත් මේ වනවිට ඖෂධ වර්ග පනස්පහක හිඟයක් පවතින බවද මෙහිදී නිලධාරින් පෙන්වා දී ඇත.

ඖෂධ හිඟයක් නිර්මාණය වීමට බලපා ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ලබාදී ඇති ටෙන්ඩර් නැවත කැඳවීම හේතුවෙන් සැපයුම්කරුවන්ට නිසිකලට ඖෂධ සැපයීමට නොහැකිවීම බව මෙහිදී හෙළිවී ඇත.

තවද දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ වර්ග 305ක් ලබා ගැනීම සඳහා ඇණවුම් භාරදීම ප්‍රමාද වීමද තවත් හේතුවක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම ඖෂධ ලබා ගැනීම සඳහා වු ප්‍රසම්පාදන කමිටු රැස්වීමද පෙරේදා (28) පැවැත්වුවද අවසන් තීරණයක් ගෙන නොමැත.

මේ හේතුන් මත ලබන වසරේ පළමු මාස හය තුළ ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බැවින් එය මඟ හරවා ගැනීමට කටයුතු කරන මෙන් සෞඛ්‍ය ලේකම්වරයා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.

මූලාශ්‍රය – අරුණ

සබැඳි පුවත්
ලබන වසරේ ඖෂධ හිඟයක් හේතුව ; හරිනිගේ කැබිනට් පත්‍රිකාව දෙවරක් ප්‍රතික්ෂේප වීම
https://sinhala.srilankamirror.com/news/ලබන-වසරේ-ඖෂධ-හිඟයක්-හේතුව/

දේශීය නිෂ්පාදකයින් ඖෂධ සැපයීමට තවත් මාස 6ක් කල් ඉල්ලලා
https://sinhala.srilankamirror.com/news/දේශීය-නිෂ්පාදකයින්-ඖෂධ-ස/

පුවත්

අධිවේගයේ යන සැමට ආසන පටි අනිවාර්ය වේ

Published

on

By

2025 අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ටආසන බඳපටි පැළඳීම අනිවාර්යය කර තිබේ.

මේ අතර  සැප්තැම්බර් 01 වන දින සිටඅධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ද ආසන බඳපටි පැළඳීම අනිවාර්යය වේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

රිය අනතුරුවලින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වන බවත් එම තත්ත්වය මඟ හැරීම සඳහා මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය වන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයට ද ආසන පටි පැලඳීම අනිවාර්යය වන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මේ අතර, 2011 වසරේ සිට ආසන පටි පැලඳීම අනිවාර්යය කර තිබුණ ද සැහැල්ලු වාහන සඳහා එම නීතිය තරමක් ක්‍රියාත්මක වුවත් ලොරි සහ බස්රථ එම නීතිය මඟ හැර සිටි බවත් අද (01)  සිට බස් හා ලොරි රථ රියදුරන්ට ආසන පටි පැලඳීම අනිවාර්යය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා කියා සිටියේ, මෙය හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමක් නොවන අනතුරුවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් වැඩපිළිවෙලේ එක් කොටසක් බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ශ්‍රීලංකන් හිටපු සභාපති අධිකරණයට

Published

on

By

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ජ්‍යෙෂ්ඨ පුරවැසි විශේෂ පොලී යෝජනා ක්‍රමය අද සිට

Published

on

By

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට බලපැත්වෙන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

2025 අයවැය යෝජනා යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබයි.

මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතු 2025 ජූලි 1 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ විවෘත කළ හැකි අතර, එවැනි සියලුම තැන්පතු සඳහා මාස 12 ක ස්ථාවර තැන්පතු කාලයක් තිබිය යුතුය.

මේ අතර, ණය යෝජනා ක්‍රමය යටතේ තැන්පතුවල මුළු වටිනාකම තැන්පත්කරුවෙකුට රුපියල් මිලියන 1 නොඉක්මවිය යුතුය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය ස්ථාවරය සහතික කිරීම සඳහා රු මිලියනයක වසරක ස්ථාවර තැන්පතු සඳහා වෙළෙඳපොළේ පවතින පොලී අනුපාතිකයට වඩා සියයට 3ක වාර්ෂික පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පවසා තිබුණි.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සියයට 3% පොලියට අවශ්‍ය ප්‍රතිපාදන සඳහා රජය 2025 අයවැය යටතේ රුපියල් බිලියන 15ක් වෙන් කර ඇත.

මෙම යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට කැමති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අද සිට ළඟම ඇති බැංකු ශාඛාව වෙත ගොස් ජාතික හැඳුනුම්පත (NIC) සහ IRD විසින් නිකුත් කරන ලද TIN ඇතුළු අනෙකුත් අවශ්‍ය ලියකියවිලි සමඟ මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතුවක් විවෘත කරන ලෙසට රජය ආරාධනා කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved