පුවත්

ලබන වසරේ සිට රියැදුරු බලපත්‍රයට කරන්න යන දේ මෙන්න

Published

on

රියදුරු බලපත්‍ර සඳහා සෘණාත්මක ලකුණු ලබාදීමට ලබන වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක කරන බව  රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද පාර්ලිමේන්තුවේදී (28) පැවසීය.

ඒ අනුව රිය පැදවීමේ දී සිදුවන වැරදි 32කට අදාළව ලකුණු කැපීම සිදුවන අතර එහිදී සමුච්චිතව ලකුණු 24ක් කැපී ගියහොත් අදාළ රියදුරාගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් සඳහා අත්හිටුවීමට නියමිතය.

මේ අතර පරිවාස කාලය තුළ දී යම් රියදුරෙකුගෙන් ලකුණු 12ක් කැපී ගියහොත් එම රියදුරාට වසරක කාලයක් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව නොලැබේ.

මේ අනුව මාර්ග අනතුරකින් පසුව වාහනය නතර නොකර පළා ගියොත් ලකුණු 10ක්, පැයට කිලෝමීටර 150ට වැඩි වේගයෙන් රිය පැදවුවහොත් ලකුණු 8ක්, මාර්ග යෝග්‍යතා නොමැතිව අපරික්ෂාකාරීව රිය ධාවනය කළහොත් ලකුණු 6ක්ද අඩුවෙනු ඇත.

Trending

Exit mobile version