පුවත්

ලාංකිකයන් සේවය කළ තෙල් ප්‍රවාහන නැවකු මුහුදේ ගිලිලා

Published

on

ඕමානය ආසන්න මුහුදේ තෙල් ප්‍රවාහන නෞකාවක් ගිලීගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

එම නෞකාවේ කාර්යමණ්ඩලය 16 දෙනෙක් සිටි බව සඳහන් ය.

ඉන් 13 දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර අනෙක් තිදෙනා ශ්‍රී ලාංකිකයන් බවත් වාර්තා වෙයි.

එම නෞකාව යේමනයේ ඒඩන් වරාය වෙත යාත්‍රා කරමින් තිබූ බව පැවසෙයි.

Trending

Exit mobile version