පුවත්

ලාංකික කතට මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ ලොකුම වන්දිය ලැබෙයි

Published

on

තම ජීවිතයට සිදු වූ විශාල අසාධාරණයක් නිසා මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ විශාලතම වන්දි මුදල වන රුපියල් හැට අට ලක්ෂයක් ලබා ගත් ශ්‍රී ලාංකික තරුණිය කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (03) උදෑසන පැමිණ තිබුණි.

ඇය මහියංගනය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණියකි.

කුවේට් රාජ්‍යයේ (Sabah Al Salim City) ගෘහ සේවය සදහා 2022.10.22 දින ගොස් තිබුණේ එරට රාජ්‍ය සේවයේ නිරත සේවකයින් සිටින නිවෙසකටය.

එහිදී එම නිවසේ සිටින මෙම හාම්පුතාගේ 32 හැවිරිදි පුතා විසින් අවස්ථා කීපයක දී මෙම තරුණියට බලහත්කාරකම් සිදු කර ඇති අතර පසුව රෝගාතුරව සිටි මෙම තරුණිය ශ්‍රී ලංකාවට ආපසු එවීම සදහා කුවේට් රාජ්‍යයේ ගුවන් තොටුපොළ වෙත බලහත්කාරකම් සිදු කළ කුවේට් ජාතික තරුණයාගේ පියා විසින් ගෙනැවිත් භාර දී ඇති අතර කුවේට් ගුවන්තොටුපොළ නිලධාරීන්  තරුණිය ගෙන් කරුණු විමසා මේ පිළිබඳව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය තානාපති අබ්දුල් හලීම් මහතාගේ අධීක්ෂණය යටතේ එම කාර්යාලයේ තෙවන ලේකම් ජනක සමරසේකර, භාෂා පරිවර්තක අමීර් හසන් සහ රවුෆ් යන මහත්වරුන් විසින් මෙම තරුණිය ජබරියා හි අල් මුබාරක් රෝහල වෙත ඇතුළත් කර තිබේ.

ඉන්පසුව මෙම සිදුවීම අහමදි අධිකරණය වෙත රැගෙන ගිය මෙම ශ්‍රී ලාංකික නිලධාරීන්, එරට නීතිවේදීන් සමග මාස 06 ක පමණ කාළයක් දැඩිව ගැටෙමින්, මෙම තරුණිය වෙත කුවේට් ඩිනාර් 6,500 ක් වටිනා රුපියල් ලක්ෂ 68 ක වන්දි මුදල ලබා දීමට කටයුතු කර තිබුණි.

(ලංකාදීප)

Trending

Exit mobile version