Connect with us

පුවත්

ලාංකික කිමිදුම්කරුවන්, ගිලුනු චීන නැවෙන් මළසිරුරු සොයාගනියි

Published

on

පසුගියදා මධ්‍යම ඉන්දීය සාගරයේදී පෙරළුණු චීන ධීවර යාත්‍රාවක තිබුනු මළ සිරුරු 07ක් ශ්‍රී ලාංකික කිමිදුම්කරුවන් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලාංකික කිමිදුම්කරුවන් නෞකාවේ කුටියක තිබුණු මෙම සිරුරු කොටස් සොයාගත් බව චීන ප්‍රවාහන අමාත්‍යාංශය පවසන බව CCTV පුවත් සේවය වාර්තා කරයි.

පසුගිය අඟහරුවාදා දිනයේදී Lupeng Yuanyu 028 නම් මෙම යාත්‍රාව අනතුරට ලක්වීමෙන් පසුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, මාලදිවයින හා පිලිපීනය ඇතුළු රටවල් 7ක් අතුරුදහන් වූ නැව් කාර්ය මණ්ඩල සාමාජිකයන් 39 දෙනා සොයාගැනීමට සහය ලබාදී තිබුණි.

මෙම යාත්‍රාව අයත් වන්නේ චීනයේ ෂැංඩොං පළාතේ Penglai Jinglu Fishery Co Ltd නම් සමාගමටයි.

පුවත්

නීතිවිරෝධීව ගෙන්වන ලද මෝටර් රථයක් රේගු භාරයට

Published

on

By

තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද මෝටර් රථයක් රේගු ආදායම් අධීක්ෂණ ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ.

එම ඒකකය පැවසුවේ රුපියල් මිලියන 24ක පමණ වටිනාකමින් යුත් ටොයෝටා ප්‍රියස් වර්ගයේ නවීන මෝටර් රථයක් මෙලෙස ගෙන්වා ඇති බවය.

ජපානයේ සිට ගෙන්වන ලද බහාලුමක් තුළ තිබියදි මෙම මෝටර් රථය සොයාගෙන තිබේ.

එමෙන්ම පසුගිය මාස දෙක තුළ නීති විරෝධීව ගෙන්වන ලද වාහන අමතර කොටස් 200ක්ද රේගුව අද (06) මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරන ලදී.

Continue Reading

පුවත්

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක්

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6 පවත්වාගෙන යා යුතු බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලොහාන් යළිත් අත්අඩංගුවට

Published

on

By

ඇප මත මුදා හැර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා යළි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙනි.

කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඔහු ඊයේ (05) දින ඇප මත මුදා හැරීමටද අධිකරණය නියෝග කර තිබුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved