Connect with us

පුවත්

ජාතික සංවර්ධන කමිටුවක් පිහිටුවන්න කැබිනට් අනුමැතිය

Published

on

රජයේ නව ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගතිය ඇගයීමට ජාතික සංවර්ධන කමිටුවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටු විසින් සලකා බලනු ලබන ඇස්තමේන්තු ගත පිරිවැය හෝ ඊට වැඩි ඇස්තමේන්තු ගත පිරිවැයක් සහිත ව්‍යාපෘති පිළිබඳව නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සඳහා හිටපු භාණ්ඩාගාර ලේකම්වරයෙකු වන දයා ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පිහිටුවීමට නියමිතය.

නිසි පරිදි හඳුනාගැනීමකින් සහ විධිමත් ඇගයීමකින් තොරව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් ආරම්භ කිරීම නිසා පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කරන ලද ඇතැම් ව්‍යාපෘති මගින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම කමිටුව පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

පුවත්

“කටුනායක සිද්ධියට අදාල සමාගම ඉන්දීය එකක් නෙමෙයි”

Published

on

By

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වීසා නිකුත් කිරීමේ කටයුතු ඉන්දියානු සමාගම් භාරයට ගෙන ඇති බවට වන මාධ්‍ය විමසීම් සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

“කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වීසා නිකුත්කිරීමේ කටයුතු ඉන්දියානු සමාගම් භාරයට ගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍යයන් තුළ පළවන වාර්තා සහ අදහස් අපි දුටුවෙමු…මෙම වාර්තාවලින් දැක්වෙන සමාගම් ඉන්දියාවේ පිහිටා ඇති සමාගම් හෝ ඉන්දීය සමාගම් නොවන අතර ඒවායේ මූලස්ථාන වෙනත් ස්ථානයන්හි පිහිටා ඇත. මෙම සන්දර්භය තුළ ඉන්දියාව පිළිබඳ සඳහන් කිරීම පදනම් විරහිත වේ,” යැයි එම නිවේදනයෙන් දැක්වේ.

Continue Reading

පුවත්

වරායෙන් වාර්තාවක්

Published

on

By

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම වසරේ පළමු කාර්තුවේදී වාර්තාගත බහාලූ මෙහෙයුම් ධාරිතාවක් ලබාගෙන ඇතැයි එම අධිකාරිය පවසයි

පසුගිය වසරේ පළමු කාර්තුවේදී  බහාලු  මෙහෙයුම් ප්‍රමාණය441,032 කි. මෙම වසරේ ප්‍රමාණය 652766කි. එහි වර්ධනය ප්‍රතිශතයක් ලෙස  සියයට 48කි.

මෙම වසරේ පළමු මාස තුන තුළදී ප්‍රතිනැව්ගත කළ බහාලු ප්‍රමාණය 582403ක් වන අතර එය පසුගිය වසරේ මෙම කාලසීමාවට අනුව සාපේක්ෂව සියයට 49.81,ක් බව එම අධිකාරියේ සන්නිවේදන හා ජන සම්බන්ධා කොට්ඨාසයේ ප්‍රධාන කළමනාකරු චිත්‍රාල් ජය වර්ණ මහතා පැවසීය.

(ලංකාදීප )

Continue Reading

පුවත්

පරාටේ නීතිය ගැන තීරණයක්

Published

on

By

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් කාරක සභාව පෙන්වා දෙන්නේ පරාටේ නීතියට යටත්ව බැංකු සමග ගනුදෙනු කළ සියලු පාර්ශ්වයන්ට බැංකු සමග සාකච්ඡා කිරීමට සාධාරණ අවස්ථාවක් ලබාදෙන ලෙසට ද නිර්දේශ කර ඇති බවය.

ඒ අනුව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ,

ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අය කරගැනීම සඳහා එම ණය වෙනුවෙන් බැංකු වෙත උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන සැලසීම පිණිස 1990 අංක 4 දරන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කරගැනීමේ (විශේෂ විධිවිධාන) පනත (පරාටේ නීතිය) දෙසැම්බර් 15 දින දක්වා තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කරගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමතිය හිමිවූ බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved