පුවත්

ලීසිං හා ණය වාරික ගෙවගන්න බැරුව මහ බැංකුවට ගිය අයට ඇප

Published

on

ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුලුවීමට තැත් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් 10දෙනෙකු ඇප මත මුදාහැර තිබේ.

එම සැකකරුවන් අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එහිදී සැකකරුවන් රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහැර ඇති අධිකරණය, අදාළ ඇප නියෝගය ලබාදෙමින් සැකකරුවන්ට රාජ්‍ය ආයතනය වෙත අයුතු ලෙස ඇතුලුවීම ද තහනම් කර ඇත.

ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් ඊයේ (08) පෙරවරුවේ මෙලෙස බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුලු වීමෙන් පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සබැඳි පුවත් : 

මහ බැංකු පරිශ්‍රයට පිරිසක් බලෙන් ඇතුල්වෙයි

Trending

Exit mobile version