ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ පවතින අස්ථාවර තත්ත්වය සැලකිල්ලට ගෙන, බේරුට් සහ ටෙල් අවිව් හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සීරුවෙන් සිටින අතර විපතට පත් ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට ඇතිව තිබෙන තත්ත්වයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවකුට මෙතෙක් බලපෑමක් සිදුව නොමැති බවත් සඳහන්ය.