උපකාරක පන්ති යන බව පවසා ඊයේ (20) පෙරවරුවේ නිවසින් පිටව ගිය බව කියන සිසුවියන් දෙදෙනකුගෙන් එක් සිසුවියකගේ මළ සිරුර මහියංගණය ලොග්ගල් ඔයේ තිබියදී අද හමුවී ඇති බව පොලීසිය පවසයි.
ඇය සමඟ ගිය 17 හැවිරිදි අනෙක් සිසුවිය මේ වන විට රිදිමාලියද්ද පොලිසිය බාරයේ පසුවන බව පොලීසිය පවසයි.
මෙම සිසුවියන් දෙදෙනා එකම පාසැලේ ඉගෙනුම ලබන මිතුරියන් බවද අනාවරණය වී තිබේ.
පොලීසිය පවසන්නේ. එම සිසුවිය ඊයේ රාත්‍රීයේ මහ මග ගමන් කළ යතුරු පැදියකට අතදැමු අවස්ථාවේ යතුරු පැදිකරු විසින් රිදීමාලියද්ද පොලිසියට අයත් ආදාඋල්පත මාර්ග බාධකයේ නිලධාරින්ට මෙම සිසුවිය බාරදී ඇති බවය.
මොවුන් බදුල්ල නගරයේ උපකාරක පන්තියකට සහභාගී වීමට යන බව පවසා ඊයේ පෙරවරුවේ නිවෙස් වලින් පිටවී ගිය නමුත් යළි නිවසට නොපැමිණිම නිසා මව්පියන් බදුල්ල පොලිසියට පැමිණිලිකර තිබුණි.