හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඔහුට එරෙහි නඩුවකින් නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.
පසුගිය වසරේ කොල්ලුපිටිය මංසන්ධියේදී රිය අනතුරක් සිදු කර නීතිඥවරුන් දෙදෙනෙකුට මරණ තර්ජනය කළ බවට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට චෝදනා එල්ල වී තිබුණි.
එම සිද්ධියට ඔහු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටියේය.
එම නඩුව අද කැඳවූ අවස්ථාවේ අගතියට පත් පාර්ශ්වයට රුපියල් ලක්ෂ 10 ක් ගෙවීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර එකගගතාවක් ඇති තිබෙන බවට නීතිඥවරුන් කරුණු දැක්වූහ.
පැමිණිල්ල වෙනුවෙන් කොල්ලුපිටිය පොලීසිය කරුණු දැක් වූ අතර අනතුරුව හිටපු අමාත්‍යවරයා නිදහස් කිරීමටය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.