පුවත්

ලොහාන් සහ බිරිඳ යළි රිමාන්ඩ්

Published

on

නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ එළඹෙන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඔවුන් අද (07) නුගේගොඩ මහසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්කර තිබියදී පසුගියදා සොයාගැනුණි.

ඒ අනුව මිරිහාන පොලීසිය අදාළ රථය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ එය නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් බටය.

අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔක්තෝබර් 30 වනදා රත්වත්තේ මහතාව කටුගස්තොටදී මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (07) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශනයට අනුව රත්වත්තේ මහතාගේ බිරිය වන ශෂි ප්‍රභා රත්වත්තේ මහත්මියට වට්ස්ඇප් මාර්ගයෙන් ලද නොතීසියකට අනුව පසුගිය 4 වනදා ඇය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී ඇයව ද අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ අනුව සැකකාර රත්වත්තේ යුවළ අද පෙරවරුවේ නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

Trending

Exit mobile version