පුවත්

වගා හානිවලට ලක්ෂයක වන්දි දෙන්න තීරණයක්

Published

on

ආපදාවලට ලක්වූ ගොවීන්ට සිදු වූ වගා හානිය වෙනුවෙන් හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පූර්ණ වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ආපදාවලට ලක්වූ ගොවිබිම් මෙන්ම පීඩනයට පත්වූ ගොවි පවුල් ප්‍රමාණය පිළිබඳව සියල්ල මේ වනවිට තක්සේරු කරමින් පවතින බවය.

එමෙන්ම, වගා බිම් සකස්කර ගැනීම සඳහා ගොවිජනතාව වෙත ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයනවල සහාය ලබාගැනීමට ද අවස්ථාව සපයා දී ඇති බවද අමාත්‍යවරයා පවසා තිබේ.

“ආපදාවලට ලක්වූ ගොවිබිම් වගේම පීඩනයට පත්වූ ගොවි පවුල් ප්‍රමාණය පිළිබඳව සියල්ල මේ වනවිට තක්සේරු කරමින් පවතිනවා. ඒ අනුව හානි වුණ වගාබිම්වලට ගොවීන්ට හෙක්ටයාරයක් සඳහා රු ලක්ෂයක පූර්ණ වන්දියක් ලබාදීමට රජය බැඳිලා ඉන්නවා. ඒ යුතුකම වගකීම අපි ආණ්ඩුව විදියට අනිවාර්යෙන්ම ඉෂ්ට කරනවා. අඩිය, අඩි දෙක, අඩි එකහමාර විතර යටට වැලි තට්ටු තට්ටු පිරිලා කුඹුරු යටවෙලා තියෙනවා. ඒ සඳහා මැෂින් උපකාරය ගන්න වෙනවා. අපි දැනුවත් කරා ඒ ඒ ප්‍රදේශවල තියෙන විවිධ රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණය යටතේ ඒ ගොවිබිම් නැවත යථාතත්ත්වයට පත්කිරීමට කටයුතු කරන්න කියලා.”

Trending

Exit mobile version