පුවත්

වතුකම්කරුවන්ට අද සිට රුපියල් 1350ක මූලික වැටුපක්

Published

on

වතුකම්කරුවන් හට අද (10) සිට රුපියල් 1350ක මූලික වැටුප ලබාදීමට වතු සමාගම් එකඟ වී ඇති බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා පවසයි.

එය ලබාදීමට ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරුන්ට සිය ස්තූතිය පුද කරන බව, ඔහු ප්‍රකාශ කළේය.

ඒ අනුව රුපියල් 1700 දක්වා ඉහළ දැමුණු වතුකම්කරුවන්ගේ වැටුපෙන් මූලික වැටුප ලෙස රුපියල් 1350ක් අද සිට ඔවුන්ට ගෙවීමට නියමිතය.

ඉතිරි රුපියල් 350ක මුදල සාකච්ඡා මාර්ගයෙන් ලබාදීමට කටයුතු කරන බව සෙන්දිල් තොණ්ඩමාන් මහතා කියා සිටියේය.

Trending

Exit mobile version