වතුකරයේ ජනතාව සැබෑ ලෙස සමාජගත කිරීම වෙනුවෙන් ඔවුන් සියලු දෙනාටම සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
පදිංචි ස්ථානයේ අයිතිය තවදුරටත් දීමනා පත්‍රයකට සීමා නොවිය යුතු බවත් මේ සම්බන්ධයෙන් වන ජනපති වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාවට නැංවෙන බවත් වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කලේය.
අමාත්‍යවරයා සඳහන් කළේ වසර 200ක පමණ ඉතිහාසයක් ඇති වතුකරයේ ජනතාව අයිතිය නොමැති ඉඩම් හේතුවෙන් වඩාත් පීඩාවට පත්ව ඇති බවය.
සියඹලාපිටිය මහතා මේ බව කියා සිටියේ වතු ජනතාවට නිවාසවල පූර්ණ අයිතිය ලබා දීම පිළිබඳ පසුගිය බදාදා (31) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව වතුකරයේ ජනතාව සඳහා නව ගම්මාන ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවද සියඹලාපිටිය මහතා මෙහිදි කියා සිටියේය.
ඒ සඳහා වැවිලි සමාගම් මගින් ඉඩම් වෙන් කරන අතර රාජ්‍ය මැදිහත් වීම යටතේ නිවාස ඉදිකිරීමට නියමිත බව අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.