Connect with us

පුවත්

වඳුරු උණ ප්‍රභේදය ආසියාවටත් පැතිරේ

Published

on

ආසියාවේ පළමු සහ අප්‍රිකාවෙන් පිටත දෙවැන්න ලෙස Mpox හි නව ප්‍රභේදය වැළඳුණු රෝගියෙක් පිළිබඳව තායිලන්තය නිවේදනය කර තිබේ.

66 හැවිරිදි එම ආසාදිතයා අප්‍රිකානු රටකින් බැංකොක් වෙත පැමිණ ඇති බව සඳහන්ය.

තායිලන්තයේ රෝග පාලන දෙපාර්තමේන්තුව වාර්තා කරන පරිදි ආසාදිතයාව රෝග ලක්ෂණ පෙන්වීමට පටන් ගත් වහාම ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර, ඔහුට වැළඳී ඇත්තේ Mpox හි Clad 1b ලෙස හඳුනාගෙන ඇති බවට වාර්තා වේ.

පසුගිය වසරේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය කේන්ද්‍රගතව ආරම්භ වූ Mpox හෙවත් වඳුරු උණ වසංගත තත්ත්වය නිසා පුද්ගලයින් 450 දෙනෙකුට දිවි අහිමිවිය

එතැන් සිට එය බුරුන්ඩි, කෙන්යාව, රුවන්ඩාව සහ උගන්ඩාව ඇතුළු ආසන්න රටවල් ගණනාවකට ව්‍යාප්ත වූ අතර මේ වන විට එහි Clad 1b නමින් හැඳින්වෙන වඩාත් ප්‍රබල ප්‍රභේදයක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව අප්‍රිකානු මහාද්වීපයෙන් පිටත පළමු Clad 1b ආසාදිතයා පිළිබඳව මීට සතියකට පෙර වාර්තා වූයේ ස්වීඩනයෙනි.

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved