පසුගිය ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඈත් වූ පාක්ෂිකයින් නැවත වතාවක් පක්ෂයට එකතුවෙමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
එලෙස පැමිණෙන අයව පක්ෂයට ආදරයෙන් පිළිගන්නා බව රාජාංගනය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් නාමල් මහතා පවසා සිටියේය.
ඇතැම් නායකයින්ගේ ක්‍රියාකලාප නිසා පාක්ෂිකයින් පක්ෂයෙන් ඈත්වූ අතර වරදාන වරප්‍රසාද වෙනුවෙන් ඇතැම් නායකයින් පක්ෂයෙන් ඈත් වූ බව හිටපු මන්ත්‍රීවරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.
”පහුගිය ජනාධිපතිවරණයට පෙර සිදුවීම් එක්ක බැලුවහම හිත් අමනාපකම් හින්දා,යම් යම් කාරණා නිසා ජනතාව අපෙන් ඈත් වුණා. සමහර නායකයෝ නිසා අපෙන් ඈත් වුණා. නායකයෝ වරදාන වරප්‍රසාද නිසා අපෙන් ඈත් වුණා. නායකයාගේ ක්‍රියාකලාපය නිසා ජනතාව ඈත් වුණා. වරදාන වරප්‍රසාද නිසා නායකයෝ ඈත් වුණා. ඈත් වෙච්ච නායකයෝ ගියාවේ කියල ඒ නායකයෝ නිසා හිත් අමනාප වෙච්ච හිත් බිදිච්ච අපේ පාක්ෂිකයෝ නැවත වතාවක් අපි එක්ක එකතු වෙමින් ඉන්නවා. අපි ඔවුන්ව ආදරයෙන් පක්ෂයට පිළිගන්නවා. මොකද අපි වැඩ කරපු දේශපාලන පක්ෂයක්. අපි ගමට වැඩ කරලා තියෙනවා.මේ දරුවන්ගේ අධ්‍යාපනයට අපි වැඩ කරලා තියෙනවා. මම අදත් විශ්වාස කරනවා වර්තමාන ආණ්ඩුව මේ දරුවන්ගේ අධ්‍යාපනය හදන්න මහන්සි වෙන්න ඕනේ.”