වර්ජනය ක්‍රියාත්මක වුවත්, කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය 35ක් අද (11) ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
උසස්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය අඟහරුවාදා (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වැඩවර්ජනයක් ආරම්භ කලහ.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාව පෙරේදා (09) සහ ඊයේ (10) දිනයේ දැඩි අසීරුතාවට පත්වූ අයුරු දක්නට ලැබුණි.
මේ අතර දුම්රියෙන් ඇද වැටීමෙන් බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී ඊඑයේ(10) පස්වරුවේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.
කොළඹ කොටුව සිට පොල්ගහවෙල දුම්රිය ස්ථානය දක්වා ධාවනය වූ දුම්රියෙන් ඇද වැටීමෙන් මෙලෙස ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එම මගියා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවී ඇති අතර අධික තෙරපීම හේතුවෙන් දුම්රියෙන් වැටෙන්නට ඇති බවට සැක පළ කරන බව පොලිසිය සඳහන් කරයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජන හේතුවෙන් දුම්රිය රැසක් ඊයේ දිනයේ අවලංගු කර තිබූ අතර දුම්රිය කිහිපයක් ධාවනය වී තිබුණේ අධික මගී තදබදයක් සහිතවය.
දුම්රිය සේවා ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබියදී දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දියත් කර ඇති වැඩවර්ජනය නීතිවිරෝධී වන බවත් සේවයට වාර්තා නොකරන අයට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් දැනුම් දීමක් සිදු කලේය.
කෙසේ වුවත් එම නිවේදනය නොතකා දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වැඩවර්ජනය මේ වන විටත් ක්‍රියාත්මක වන බව පැවසේ.