Connect with us

පුවත්

‘වශෝකු’, වෙනස්කම් අතර සංහිඳියාව හා සමබරතාවය (ඡායා)

Published

on

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සහ ජාතික තරුණ සේවා සභාව  එක්ව ‘වශෝකු’ ආහාර වර්ග පිළියෙළ කිරීම සහ පිළිගැන්වීම පිළිබඳ වැඩමුළුවක් ඊයේ (28) ජාතික තරුණ සේවා සභාවේහිදී පවත්වන ලදී.

මෙම වැඩමුළුවේදී, ‘කරඅගේ’ (බැදපු මස්), ‘චිකන් නන්බන්’ (කුකුල් මස්, විනාකිරි සහ ටාටාර් සෝස් ආදිය භාවිතා කොට සකස් කෙරේ.) සහ චිකන් තෙරියකි (පැණි රස සෝයා සෝස් සහ ඔප දැමූ චිකන් ආදිය භාවිතා කොට සකස් කෙරේ) යන ආහාර වර්ග පිළියෙළ කරන ලදී. ජාතික තරුණ සේවා සභාවෙහි ඉවුම් පිහුම් පාඨමාලා සිසුන් මෙන්ම, එහි උපදේශකයින් සහ ජාතික තරුණ සේවා සභාවෙහි නිලධාරීන් මෙම වැඩමුළුව‌ට සහභාගී විය.

ජපන් සංස්කෘතිය හා බැඳුනු, ජපන් ආහාර සම්ප්‍රදාය ‘වශෝකු’ (和食) ලෙස හැදින්වේ.

මෙම ආහාර පිසීම අතුරු කෑම කිහිපයක් සමඟ සකස් කරන ලද බත් බඳුනකින් සමන්විත වේ. මෙම සම්ප්‍රදාය නිරූපනය කරන “和” යන කන්ජි අක්ෂරයෙහි අර්ථය ‘සංහිඳියාව’ බව දැන ගැනීම වැදගත් වේ. එසේම, සියලුම කෑම වර්ග සමස්ථයක් ලෙස එකිනෙක සමඟ හොඳින් ගැලපෙන අතර, රසවල ඉතා හොද සමතුලිතතාවයක් පවතී. මෙය මිනිසුන්හට  ආහාර වේල අගය කිරීමට පමණක් නොව, ආහාර වේලට වෙනත් ආකාරයක ගැඹුරක් එකතු කිරීමට ඉවහල් වේ.

‘වශොකු’ යනු විවිධ රසයන් අතර සංහිඳියාව සහ සමතුලිතතාවය මත පදනම් වූවක් බැවින්, මෙම වසරේ 70 වැනි සංවත්සරයේ සන්ධිස්ථානය සනිටුහන් කරන ජපානය සහ ශ්‍රී ලංකාව අතර සාම්ප්‍රදායික මිත්‍ර සබඳතාවය සමඟ බැඳී ඇති මූලික වටිනාකම් මෙම අවස්ථාව ඔස්සේ සංකේතාත්මකව නිරූපණය කරනු ලබයි.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved