පුවත්

වසරකට පසු KKS ගිය තැපැල් දුම්රිය

Published

on

දින 390 කට පසු යළිත් කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඊයේ (31) කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර තිබිණි.

උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන් 2024 ජනවාරී මස 05 වැනිදා සිට මෙම දුම්රිය ගමන්වාරය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබුණී.

තව ද කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 11.50 ට කන්කසන්තුරය බලා ධාවනය වූ උත්තර දේවී සීඝ්‍රගාමී දුම්රිය මේ දක්වා ධාවනය කිරීමට කටයුතු යොදා නොමැත.

Trending

Exit mobile version