වාහන ආනයනය සම්බන්ධයෙන් යම් ක්‍රමවේදයකට යටත්ව ඉඩ ලබා දීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා අද (29) මේ බව සඳහන් කලේය.
මෙහිදී , විජිත හේරත් මහතා පවසා සිටියේ වාහන ආනයන ක්‍රියාවලිය සඳහා යම් ක්‍රමවේදයකට අනුව ඉඩ ප්‍රස්ථාව ලබා දීමට රජය ගත් තීරණයට මහ බැංකුවද එකඟත්වය පළ කර ඇති බවය.
ඒ අනුව ඉදිරියේදී නිසි ක්‍රමවේදයක් සකස් කර මහජනතාවට දැනුම්දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කලේය.
“වාහන ආනයන ක්‍රියාවලිය යම් ක්‍රමවේදයකට අනුව ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්න රජය තීන්දු කරලා තියෙනවා. මහ බැංකුවත් ඒ ගැන එකඟතාව පළ කරලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී ඒකට නිසි ක්‍රමවේදයක් සකස් කරලා දැනුම් දෙන්නම් ඒකට ක්‍රමවේදය මොකක්ද කියලා. ඒකට විවිධ අය සම්බන්ධ කරගෙන සාකච්ඡා පවත්වලා තියෙනවා. ඒ සියල්ල සලකා බලලා අපේ මුදල් පිටට එකපාර ගලාගෙන යන්නේ නැති විදිහටත් මේක ක්‍රමානුකූලව කරන්න ඕනේ”