පුවත්

වැට් බදු රැල්ල ත්‍රීරෝද ගාස්තුවටත් වදියි

Published

on

එලැඹෙන ජනවාරි 01දා සිට 18%ක වැට් බද්ද පැනවීමෙන් පසු පෙට්‍රල් මිල ඉහළ ගියහොත් ලබන මස ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ජනවාරියේ සිට වැඩිවන ඉන්ධන මිලට අනුව පළමු කිලෝමීටරයට ගාස්තු වැඩි කරන බවයි.

රජය විසින් පෙට්‍රල් මිල වැඩි කළ පසුගිය අවස්ථා වලදී ගාස්තු සංශෝධනයක් කිරීමට තම සංගමය කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් නමුත් වැට් බදු ගැලපීම සමඟ ගාස්තු වැඩි කිරීමක් සඳහා යොමු වීමට සිදුවන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

Trending

Exit mobile version