Connect with us

පුවත්

“වැඩි කළ වැටුප නොගෙවන වතු සමාගම් රජයට යළි පවරා ගන්නවා”

Published

on

රජය මගින් වතු කම්කරුවන්ට වැඩි කල රු 1700 වැටුප ගෙවිමට වතු සමාගම් අපොහොසත් වුවහොත් එම වතු සමාගම් යලි රජයට පවරාගෙන වෙනත් සමාගම් වලට එම වතු බදු පදනම මත ලබාදිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගැනීමට කටයුතු කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පවසයි.

අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ  ලංකා කම්කරු කොන්ග්‍රසයේ හිටපු මහ ලේකම් සහ හිටපු අමාත්‍ය දිවන්ගත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ 60 වන ජන්ම දිනය  දිනට යෙදි තිබිම නිමිත්තෙන් එතුමා සිහි කිරිම සදහා හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති සැමරුම් උත්සවයකට සහභාගී වෙමින්.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා  කියා සිටියේ වැටුප් පරිපාලක සභාව විසින් මිට ප්‍රථම වතු කම්කරුවන්ට වැඩිකල රු 1000 වැටුප සම්බන්ධයෙන් වතු සමාගම් අධිකරණය හමුවේ පනවා තිබු නඩුවක්  අද දින යලි කැඳවු අවස්තාවේ එම නඩුව වතු කම්කරුවන්ට සාධනිය ලෙස පැවති බවයි.

එම නඩුව මේ මස (31) දින යලි කැඳවන බවත්, එහිදි වතු කම්කරුවන්ට එම වැටුප ගෙවන ලෙසට අධිකරණය මගින් වතු සමාගම් වෙත තින්දුවක් ලබාදෙන බවට තමන් ඇතුලු ලංකා කම්කරු කොන්ග්‍රසයේ සියළු දෙනා තුල විශ්වාසයක් ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

මැයි දින රැලියට පැමිණි අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතු කම්කරුවෙකුට දිනකට රු 1700 ක වැටුපක් ලබාදෙන බවට ප්‍රකාශයක් කල බවත්, එම ප්‍රකාශයට විරෝධය පාමින් වතු සමාගම් විසින් කල ප්‍රකාශය ඇතැම් වතු කම්කරුවන් විසින් පිලිගත් නමුත් අවසානයේ එම වැටුප වතු සමාගම් වලට ගෙවිමට සිදු වන බවද හෙතෙම පවසයි.

තමන් අවු 29 ක තරුණයෙකු බවත්, එම තරුණකමට වඩා ලංකා කම්කරු කොන්ග්‍රසයේ තමන් දරණ මහ ලේකම් ධුරය වගකිම් සහිත ධුරයක් නිසා එම තනතුර පදනම් කරගෙන සිදු කරන සැම ප්‍රකාශයක්ම වගකිමෙන් ප්‍රකාශ කරන බවයි අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved