එළැඹෙන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 54%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඉදිරියෙන්ම සිටින බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් මහතා පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් කන්තලේ නගරයේදී පැවැති ජනරැළියක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ගත වූ සති තුනක කාලය තුළ සිදු කරන ලද සමීක්ෂණයකින් එය අනාවරණ වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
රාජ්‍ය විශ්ව විද්‍යාලයක මැදිහත්වීමෙන් අදාළ සමීක්ෂණය පසුගිය සති තුනක කාලයේදී සිදු කරන ලද බවද සුරේන් රාඝවන් මහතා කියා සිටියේය.