පුවත්

වැඩි මිලට බිත්තර අලෙවිකරන්නන් සොයා වැටලීම්

Published

on

වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා අද (08) සිට වැටලිම් ක්‍රියාත්මක බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, සත්ත්ව ආහාර මිල ද මේ දිනවල පහළ ගොස් ඇති බවයි.

ඒ අනුව වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය වැටලීම් සිදු කරන බව අමාත්‍යවරයා පැවසීය.

මේ අතර වෙළෙඳපොළේ බිත්තර හිඟයක් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ, බොහෝ කුකුළු ව්‍යාපාරිකයින් ගොවිපොළ වසා දැමීම ඊට හේතු වී ඇති බවයි.

පවතින ආර්ථික තත්ත්වය මත මේ වනවිට කුකුළු ගොවිපොළ 50% ක් පමණ වැසී ගොස් ඇතැයි ඔහු පැවසුවේ ය.

සබැඳි පුවත්

පාලන මිලත් ඉක්මවා බිත්තර විකිණේ

Trending

Exit mobile version