පුවත්

“වැල්ලේ අමල්’ව නිවසින් එලියට අරගෙන පාදවලට වෙඩි තියලා

Published

on

රත්මලාන දුම්රියපොළ පාර, ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බව කියන ‘වැල්ලේ අමල්’ නැමැත්තා තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් සහ මෝටර් රථයකින් පැමිණි පිරිසක් අදාළ පුද්ගලයා නිවසින් පිටතට රැගෙන ගොස් ඇති බවයි.

අනතුරුව අතුරු මාර්ගයකදී ඔහුගේ පාදවලට වෙඩි තබා සැකකරුවන් පළාගොස් ඇති බවද පොලිසිය කියා සිටී.

 මෙසේ තුවාල ලැබූ අමල් නැමැත්තා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

.

Trending

Exit mobile version