2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමා ද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
මේ මොහොතේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව නිවේදනය කලේය.
රට පත්ව ඇති අගාධයෙන් ගොඩගෙන මෙරට ආර්ථිකය ස්ථාවර කර ජනතාවට සහන සැළසීමේ අරමුණින් තමා මෙලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කළ බව අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී.