විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් සියලු කර්මාන්ත නිෂ්පාදන 20%කින් ඉහළ දමන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.
තවද, සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කර ඇත්තේ බත් පැකට්, රයිස්, සහ කොත්තු මිල සියයට 10කින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බවයි.
කෙසේ වෙතත්, ආප්ප ඇතුළු පිටි කෑම වල මිල ඉහළ නොදමන බව එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා වැඩිදුරටත් පවසා ඇත.