පුවත්

“විදුලි බිල අඩු කල හැකියි”

Published

on

විදුලි බිල 10% ත් 20% ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව ඇති බවත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කළහොත් ඉන් පසුව විදුලි බිල ඉහළ යෑම වැඩි හැකියාවක් ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා අද (29) පැවසීය.

ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව ප්‍රකාශ කරන ලදී.

මෙම වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 1 වැනිදා ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව මෙම සතියේ විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එහිදී ජනතාවට සැළකිය යුතු විදුලි ගාස්තු අඩු වීමට ලැබිය යුතු බවත් ඔහු සඳහන් කලේය.

පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට නියමිත විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ පනතින් විදුලි බිල ඉහළ දැමීමට අවශ්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බව පැවසු පරාක්‍රමසිංහ මහතා විදුලිබල මණ්ඩලයේ වර්තමාන පරිපාලනය විදේශ සමාගම්වලට අවශ්‍ය ආකාරයට දැන්ම සිටම කටයුතු කරමින් සිටින බව ද පැවසීය.

Trending

Exit mobile version