විදුලි බිල ඉහළ දැමීමට අවසර දෙන්නැයි මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
මේ වසරේ අපේක්ෂිත ප්‍රමාණයෙන් ජල විදුලිය නිෂ්පාදනයට නොහැකි වීම හේතුවෙන් විදුලි නිෂ්පාදනයට අතිරේක පිරිවැයක් වැය වු බැවින් මේ ඉල්ලීම කළ බව එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා කියා සිටී.
මේ වසරේ අපේක්ෂා කළ ජල විදුලි ධාරිතාව ගිගා වෝට් පැය 4500කි.
එහෙත් ලබා ගැනීමට හැකිව ඇත්තේ ගිගා වෝට් පැය 3750 ක් පමණක් බව සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කරයි.
ඒ අනුව ගිගා වෝට් පැය 750 ක් අතිරේකව තාප බලාගාරවලින් ලබා ගැනීමට සිදුවූ අතර ඒ සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවූ බවද ඔහු කියා සිටී.
පවතින තත්ත්වය හමුවේ විදුලි නිෂ්පාදනයට වැය වූ අතිරේක මුදල පියවා ගැනීමට මෙම අතිරේක ඉල්ලීම පෙරේදා දිනයේ සිදු කළ බව ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා මධ්‍යෙට පවසා ඇත.
ඊට අදාළ සවිස්තරාත්මක දත්ත ලබන සඳුදා දිනයේ මහජන උපයෝගිතා කොමිසමට ලබා දෙන බවද ඔහ සඳහන් කරයි.
මේ අතර, විදුලි බල මණ්ඩලයේ එම ඉල්ලීම සලකා බැලීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා මාධ්‍යට පවසා ඇත.