Connect with us

ක්‍රීඩා

අද කවුරු දිනුවත් පාපන්දුව පරාදයි

Published

on

අද (29) පැවැත්වෙන පාපන්දු නිලවරණයෙන් කවුරුන් ජය ගත්තද පාපන්දුව පරදින බව ස්ථිර බව බොහෝ මැදහත් පාපන්දු ලෝලීන්ගේ හා ක්‍රීඩකයන්ගේ මතය වී තිබේ. 

ක්‍රීඩා ඇමතිවරයා ක්‍රීඩාවේ පරිපාලනයෙන් දූෂිතයන් එළවා දමන බවට කොතරම් පාරම් බෑවද හිටපු සභාපති ජස්වර් වැනි පරීක්ෂණයකින් වරදකරුවකු වූ අයකු නැවත වරක් බලයට ගෙනඒමට යටින් උදව් කරන බවට මොවුහු චෝදනා කරති. 

පසුගිය නිලවරණයේදී ඔහු පාපන්දුව ගැන මෙලෝ දෙයක් නොදන්නා හිටපු දේශපාලනඥයකු වන ශ්‍රී රංගාට ජය ගැනීම සඳහා උදව් කළ බව ප්‍රසිද්ධ රහසක් බව කියන මොවුන් පවසන්නේ ජස්වර් බලයට පත් වුවත් තමන් එක්වී ඔහුගේ පත්වීමට එරෙහිව අධිකරණයට යන බවයි.

ෆීෆා මගින් ලැබෙන ඩොලර් අමු අමුවේ පිල්ලි ගැසූ අයකු බවට ද ජස්වර්ට චෝදනා කරන මොවුන් ක්‍රිකට් වල එක් සංචාරයකට පමණක් වෝහාරික විගණනයක් කැඳවූ ක්‍රීඩා අමාත්‍යවරයා පාපන්දුවට වෝහාරික විගණනයක් කළේ නම් කෝටි ගණනක ගසා කෑම් හෙළිදරව් කර ගත හැකි බවත් පවසයි.

මීට පෙර ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා දූෂණ සෙවීමේ පොලිස් ඒකකය මගින් ජස්වර් ගැන කරන ලද පරීක්ෂණයකදී ජස්වර් වරදකරුවකු කර නැවත පරිපාලනයට ඒමට නොහැකි බව කියා ඇතත් මෙවර, නිලවරණයට තරග වැදීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ජස්වර්ට අවසර ලබා දී ඇත.

මේ වන විට ෆීෆා ලෝක ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකා පාපන්දුව සිටින්නේ රටවල් 211කින් 207 වැනි ස්ථානයේය.

කාන්තා කණ්ඩායම සිටින්නේ 153 වැනි ස්ථානයේය. 

මීට කලින් සභාපති හා ලේකම් ලෙස ජස්වර් වසර ගණනක් සිටිය නමුත් ලංකාවේ පාපන්දුව කොතරම් ෆීෆා ඩොලර් ආධාර ලබා තිබුණද ලංකාවේ පාපන්දුව මෙතරම් පහළ මට්ටමක තිබීම ඔහු පාපන්දුව වෙනුවෙන් කර ඇති කැපවීමට කදිම උදාහරණයක් බවද ඔවුහු කියති. 

සබැදි පුවත්

ජස්වර්ගේ කෙළි හෙළිවෙයි; මිලියන 12ක බෝල ආගිය අතක් නෑ

පාපන්දු සභාපති පුටුව හිස් වෙයි?; ජස්වර්ටත් බාල්දියක්

පාපන්දුවේ බලය ගන්න ජස්වර් – දක්ෂිත සටනේ 

ක්‍රීඩා

චමරි හා ජයග්‍රාහී කාන්තා ක්‍රිකට් පිල දිවයිනට

Published

on

By

දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි විස්ස සහ එක් දින තරගාවලි දෙකම සහ ඩුබායි හි පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟ සියල්ල ද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (09) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙසේ යළිත් මෙරටට පැමිණියේ මාස දෙකක, ක්‍රිකට් තරඟ සංචාරයන් දෙකක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවය.

ගුවන් තොටුපොළේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙසේ පැවසීය .

“අපට මෙම ජයග්‍රහණය කිරීම සදහා කණ්ඩායමේ දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ද විශාල සහයක් ලබා දුන්නා…. “

එළඹෙන ඔක්තෝබර් මාසයේ බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම සමඟ තරගාවලියක් ද , ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය සහ අයර්ලන්තයේ ක්‍රිකට් තරගාවලි සංචාරයක් ද සදහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වීමට නියමිත බව ද ඇය පැවසුවාය .

Continue Reading

ක්‍රීඩා

හිටපු දැල්පන්දු නායිකාවකට තහනම් උත්තේජක චෝදනා!

Published

on

By

ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජිත ආයතනය මගින් සිදුකල තහනම් උත්තේජක පරීක්ෂණයකදී හිටපු දැල්පන්දු නායිකාවක් තහනම් උත්තේජක ලබාගත් බවට තහවුරු වී ඇතැයි වාර්තා වේ.

ටොරින්ටන් ශරීර සුවතා මධ්‍යස්ථානයේදී ජාතික දැල්පන්දු ක්‍රීඩිකාවන් ඉලක්ක කර සිදුකළ තහනම් උත්තේජක පරීක්ෂණයකදී මේ බව හෙළිව තිබේ.

එහිදි ක්‍රීඩිකාවන් දෙදෙනෙකු අහඹු ලෙස මෙම පරීක්ෂණයකට යොමුකර එක් ක්‍රීඩිකාවක් මාංශ පේශීන් වර්ධනයට සිදුකරනු ලබන ඇනබොලික් ස්ටොරයිඩ් නම් වූ තහනම් උත්තේජකය ලබා ගෙන ඇති බවට තහවුරුවී ඇතැයි පැවසේ.

මෙය ටෙස්ටෙස්ටරෝන් හෝමෝනයට සමාන මිනිසා විසින් නිෂ්පාදිත කෘතිම ස්ටොරයිඩටයක් ලෙස සැලැකේ.

අදාල පරීක්ෂණවල ප්‍රතිපළ ඊයේ (08) උදෑසන කටාර්හී පිහිටි උත්තේජක පාලන රසායනාගාරය විසින් නිකුත් කර ඇති අතර, එහිදි හිටපු නායිකාවගේ සාම්පලවල මෙම තහනම් උත්තේජකයේ සංගටක පැවති බව තහවුරු වී ඇත.

මේ අතර, ශ්‍රී ලංකා උත්තේජක මර්ධන ඒකකයේ ප්‍රධානී වෛද්‍ය ශිරෝමි පිලපිටිය මහත්මිය මාධ්‍යට පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් විමර්ශණයක් සිදුකරනු ලබන බවත්, එසේම අද (09) දිනයේ ප්‍රකාශයක් නිකුත් කිරීමට කටයුතු සූදානම් කරන බවයි.

එමෙන්ම මේ සම්බන්ධව සිදුකරන පරීක්ෂණයේදී අදාල ක්‍රීඩිකාව වැරදිකරු වුවහොත් වසරක සිට වසර 4ක් දක්වා දැල් පන්දු ක්‍රීඩාව හා ඊට සම්බන්ධ කිසිදු කටයුත්තක් සිදු කල නොහැකි ආකාරයේ තහනමක් පැනවෙනු ඇති බවත් පැවසේ.

Continue Reading

ක්‍රීඩා

ස්කොට්ලන්තය පැරදූ කාන්තා පිලත් T20‍ ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

Published

on

By

අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 68 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළහ.

ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබා ගත්තේය.

චමරි අතපත්තු ලකුණු 102යි.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 101ක් පමණයි.

උදේෂිකා ප්‍රබෝධනී ලකුණු 13කට කඩුලු 3ක් දවා ගත්තාය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 68කින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved