පුවත්

විදුලි සංදේශ කණු වලින් ශ්‍රී මහා බෝධියට වන හානිය හොයන්න කමිටුවක්

Published

on

දුරකථන සංඥා කුළුණු මගින් අනුරාධපුර පිහිටි ඵෙතිහාසික ජය ශ්‍රී මහා බෝධියට බලපෑමක් සිදුවන්නේ ද යන්න පිළිබඳව සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ පංච පුද්ගල කමිටුවක් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම කමිටුවට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය නෙරංජන් ගුණවර්ධන, එහි අතිරේක අධක්ෂ ජනරාල් එච්. රණතුංග, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධක්ෂ ජනාරාල් ආචාර්ය එස්. ඒ ක්‍රිෂ්ණරාජා සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජානක ජයසුන්දර නම් කර තිබේ.

මෙම කමිටුව පත් කර ඇත්තේ අටමස්ථානධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් කළ ඉල්ලිමකට අනුවයි.

බෝධින් වහන්සේ හට ඒ ආසන්නයේ ස්ථාපිත කර ඇති දුරකථන සංඥා කුළුණු වලින් බලපෑම් වන බවට මීට පෙර වාර්තා පළ වී තිබුණි.

Trending

Exit mobile version