පුවත්

විදුලි සංදේශ නියාමන කොමිසමට නව අධ්‍යක්ෂක ජනරාල්වරයෙක්

Published

on

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මධුශංක දිසානායක මහතා පත්කර තිබේ.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කළ හෙළසිරි ප්‍රනාන්දු මහතා ඊයේ (10) සිට විශ්‍රාම ගැනීම හේතුවෙන් තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර ගණනාවක අත්දැකීම් සහිත නිලධාරියෙකු වන දිසානායක මහතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ අධිකරණය අමාත්‍යාංශය වැනි රාජ්‍ය ආයතන කිහිපයකම ජ්‍යේෂ්ඨ තනතුරු රැසක් දරා තිබේ.

Trending

Exit mobile version