රාජගිරිය – නාවල ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනිය ඇතුළු පිරිසකට රහසඟ පෙන්වූ කෝට්ටේ මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන ගමගේ ඩෙන්සිල් පද්මසිරි නැමැත්තා වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ එම විදුහලේ විදුහල්පතිනිය විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවය.
වැලිකඩ පොලිසිය සඳහන් කළේ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පසුගිය 23 වැනිදා දෙපාර්ශවයට පොලිසියට පැමිණි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි.
මෙම විදුහල්පතිනියට එරෙහිව හිටපු නාගරික මන්ත්‍රීවරයා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම රැගෙන යන අපහාසාත්මක ප්‍රචාර සම්බන්ධයෙන් විභාග කිරීමට ඔවුන් දෙපාර්ශවය පසුගිය 23 වැනිදා වැලිකඩ පොලිසිය වෙත කැඳවා තිබුණි.
අදාළ පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලිසියට දෙපාර්ශවයම පැමිණි අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයා විසින් පොලිස් භූමිය තුළදීම මෙම නොමනා ක්‍රියාව සිදුකළ බව විදුහල්පතිනිය සමඟ එදින පොලිසියට පැමිණි අදාළ විදුහලේ දරුවකුගේ මවක් මාධ්‍යට පවසා තිබේ.