Connect with us

පුවත්

විදුහල්පතිනියට රහසඟ පෙන්නූ පොහොට්ටු මන්ත්‍රී රිමාන්ඩ්

Published

on

පැමිණිල්ලක් විභාග කිරීමට වැලිකඩ පොලිස් ස්ථානයට ගිය විදුහල්පතිනියකට පොලිස් ස්ථානය තුළදී සිය රහසඟ පෙන්වා ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කෝට්ටේ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන  වන කෝට්ටේ ගමගේ ‌ඩෙන්සිල් පද්මසිරිව අගෝස්තු 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (27) නියෝග කළේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් වැලිකඩ පොලිසිය සඳහන් කළේ නාවල ප්‍රදේශයේ පාසලක් අපකීර්තියට පත් කරමින් වට්ස්ඇප් ගිණුමක් මඟින් ප්‍රවෘත්ති පළ කිරීමක් සම්බන්ධයෙන් 2023/03/23 දින පොලිසියට පැමිණිල්ලක් ලැබුණු බවයි. 

අදාළ පැමිණිල්ල විභාග කිරීමට විදුහල්පති මව්පියන් ගුරුවරුන් ඇතුළු පස් හය දෙනකු හා සැකකාර නාගරික මන්ත්‍රීවරයාද පොලිසියට කැඳවා සමථ කොට අවවාද කර මුදාහළ බව සඳහන් කළ පොලිසිය පොලිසියේ ආපනශාලාව අසලදී සැකකාර මන්ත්‍රීවරයා විදුහල්පතිනියට සිය කලිසමේ සිපරය ගලවා ලිංගේන්ද්‍රය පෙන්වා ඇති බවද අධිකරණයට දන්වා සිටියේය.

මේ සිද්ධිය ගුරුවරුන් විසින් සිය ජංගම දුරකතනයෙන් වීඩියෝගත කර ඇති අතර, ඒ ක්‍රියාව සම්බන්ධයෙන්ද වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් ලැබුණු බවට පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේය.

එකී සිද්ධිය සම්බන්ධයෙන් විභාග කිරීමට පැමිණෙන ලෙසට නාගරික මන්ත්‍රීවරයාට කීප වරක් දැන් වුවද ඔහු පොලිසිය මඟ හැර සිටි බවත් ඊයේ (27) සැකකරු පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් සඳහන් කළේය. 

මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ මේ වීඩියෝ දර්ශන සංස්කරණය කරන ලද ඒවා බවයි. 

අදාළ දර්ශන සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීම සඳහා ගුරුවරුන් සතු ජංගම දුරකතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය වෙත යොමු කර ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

ප්‍රසිද්ධ ස්ථානයක් වන පොලිස් ස්ථානය තුළදී ලිංගික අතවර කිරීම හා රජයේ සේවකයන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ නාගරික මන්ත්‍රීවරයා ට එරෙහිව චෝදනා ගොනු කළ බවද වැලිකඩ පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේය. 

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර මන්ත්‍රීවරයා අගෝස්තු 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

සබැඳි පුවත්
විදුහල්පතිනියට පොලිසියේදී රහසඟ පෙන්නූ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved