පුවත්

විදෙස් කතට සෙරෙප්පුවෙන් ගැසූ සැකකරු රිමාන්ඩ්

Published

on

උඩරට මැණිකේ දුම්රියේ ගමන්ගත් විදෙස් කාන්තාවකට සෙරෙප්පුවකින් පහරදුන් බවට සැක මත පෙරේදා (23) අත්අඩංගුවට ගත් සැකකරු මාර්තු 08දා දක්වා රක්ෂිත බණ්ධනාගාරගත කරන ලෙස බණ්ඩාරවෙල වැඩ බලන මහේස්ත්‍රාත් කෙනත් ඩී සිල්වා මහතා නියෝග කර තිබේ.

අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ බණ්ඩාරවෙල වලස්බැද්දේ පදිංචි මොහොමටි මනාස් නැමැති එක්දරු පියෙකි.

සැකකරු විසින් කොළඹ සිට එන උඩරට මැණිකේ දුම්රිය වෙත සෙරෙප්පුවක් විසි කරන අයුරු හා එය එහි ගමන් කරමින් සිටි විදෙස් සංචාරක කාන්තාවකගේ මුහුණේ වැදෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග පැවැත්වූ පොලිස් පරීක්ෂණ වලින් අනතුරුව මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

Trending

Exit mobile version