Connect with us

පුවත්

විදෙස් මත්පැන් බෝතල් තොගයක් පොලිස් භාරයට

Published

on

තීරු බදු නොගෙවා මෙරටට රැගෙන ආ විදේශීය මත්පැන් ඇතුළු භාණ්ඩ තොගයක් ගුවන්තොටුපලේදී පොලිස් භාරයට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  කටුනායක ඒකකයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව ගුවන් මගීන් පැමිණීමේ පර්යන්තයේදී  මෙම වැටලීම සිදු කර තිබුණි.

මෙම වැටලීමේදී සැකකරුවන්  05 දෙනෙකු හා සැකකාරියක සමඟ ඔවුන් සතුව තිබූ තීරුබදු නොගෙවා මෙරටට රැගෙන එන ලද විවිධ වර්ගයේ විදේශ මත්පැන් බෝතල් 159 ක් , විදේශීය දුම්වැටි පැකට් 175ක්, නිමි ඇඳුම් හා රත්‍රං නොවන පළඳනා තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත.

මෙම සැකකරුවන් පිරිස  වත්තල, කොටගල සහ කොළඹ 13 වන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර එක් අයෙකු ඉන්දීය ජාතිකයෙකු වන බව පොලීසිය පවසයි.

 අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපල ඒකකය මඟින් මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරයි.

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading

පුවත්

ශෂීන්ද්‍ර  අල්ලස් කොමිසමට

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (05) උදෑසන හානි සිදුවීමෙන් මෙම ප්‍රමාදය ඇති වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය වැඩිදුරටත් පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved