Connect with us

පුවත්

විදේශිකයාට තර්ජනය කළ මුදලාලි අත්අඩංගුවට

Published

on

ආහාර ලබා ගැනීම සඳහා පැමිණි විදේශීය ජාතිකයෙකුට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධ ආහාර අලෙවිසැල් හිමිකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල සංසරණය විය.

ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ ප්‍රදේශයේ Street Food නාමයෙන් ආහාර වෙළෙදාම් කරනු ලබන වීදියක පිහිටි වෙළෙදසැලක හිමිකරුවෙකි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක අයෙකි.

පුවත්

මහින්ද විශ්‍රාම ගනී.. ADB හි නව තනතුරකට

Published

on

By

වත්මන් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙම මස අගදී මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් විශ්‍රාම ගන්නා බවත්, ඉන් පසු ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩ භාර ගැනීමට නියමිත බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (02) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති ‘ජාතික බදු සතිය’ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ;

“මහින්ද සිරිවර්ධන මහතා පැවසූ පරිදි, මෑත ඉතිහාසයේ සහ ලෝක ඉතිහාසයේ බදු අඩු රාජ්‍යයක් බවට අපි පත්වුණා. එය නැවත සාධාරණ බදු පද්ධතියකට පරිවර්තනය කිරීම සඳහා, ආයතනික හා නීතිමය ප්‍රතිසංස්කරණ රැසක් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් ඉටු කරන ලදී…..

මේ මස අගදී එතුමා මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් විශ්‍රාම යනවා. ඉන් පසු, එතුමා ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක් නියෝජනය කරමින් වැඩ භාර ගැනීමට නියමිතයි.

මේ අවස්ථාවේදී, බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී එතුමා ඉටු කළ විශේෂ කාර්යභාරය වෙනුවෙන්, මහින්ද සිරිවර්ධන මහතාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ සේවය අපි ඉහළින් අගයනවා”

Continue Reading

ක්‍රීඩා

චීනයෙන් ලංකාවට මකර බෝට්ටු 5ක් (ඡායා)

Published

on

By

චීනය විසින් ශ්‍රී ලංකාවට මකර බෝට්ටු 5ක් ලංකාවට ප්‍රදානය කර තිබේ.

මෙම ප්‍රදානය කිරීම පසුගිය 31 වැනිදා දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැත්වුණු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලිය අතරතුරදී සිදුවිය.

මෙරට චීන තානාපති කාර්යාලය හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය විසින් පැවැත්වූ මෙම තරගාවලිය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකාවේ කැනූඉං සහ කායැකිං ජාතික සංගමය, කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් සමාගම, මෙරට පවතින චීන වාණිජ මණ්ඩලය හා Sri Lanka Overseas Chinese Association විසිනි.

පාසැල් හා විශ්ව විද්‍යාල කණ්ඩායම් මෙන්ම ක්‍රීඩා සමාජ, ආරක්ෂක අංශ හා චීන කණ්ඩායම් ද මීට එක්විය. මොවුන් අතරට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඇතුළත් කණ්ඩායම් 05ක් යාපනයෙන් ද එක්වීම සුවිශේෂී විය.

මකර බෝට්ටු 5ක් ලංකාවට ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පුද කළ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙය හුදෙක් ක්‍රීඩා තරගාවලියක් පමණක් නොව දෙරට අතර මිත්‍රත්වය, සංස්කෘතිය හා සහයෝගීතාවයේ ප්‍රබල සංකේතයක් බවයි.

මෙහිදී අදහස් දැක්වූ චීන තානාපති – චී ජන්හොංග් මහතා පවසා සිටියේ මෙම ශූරතාවය, දෙරට අතර ක්‍රීඩා හා සංස්කෘතික හුවමාරුවන් තවදුරටත් ගැඹුරු කිරීමටත් දෙරට ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය වැඩි දියුණු කිරීම සඳහා නව ආරම්භක ලක්ෂ්‍යයක් වන බවයි.

ශ්‍රී ලංකාවේ කැනූඉං සහ කායැකිං ජාතික සංගමයේ සභාපති – රියර් ඇඩ්මිරල් එච්.එන්.එස්. පෙරේරා මහතා පැවසූවේ මෙම අවස්ථාව සම්ප්‍රදාය හා නූතනත්වය අතර පාලමක් බඳු බවයි.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය – සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, චීන තානාපති – චී ජන්හොංග් යන මහතුන් අතින් ජයග්‍රාහකයන් හට කුසලාන සහ සහතික පත්‍ර පිරිනැමුණි.

පිරිමි හා කාන්තා විවෘත අංශ වල ජයග්‍රහණය ලැබීමට පිළිවෙලින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා කොළඹ විශාඛා විද්‍යාලයේ කණ්ඩායම් සමත් වූ අතර, කණිෂ්ට කාන්තා අංශයේ ජයග්‍රහණය හිමිවූයේද විශාඛා විද්‍යාලයටයි.

මේ අතර, කණිෂ්ට පිරිමි අංශයේ ජය හිමිවූයේ යාපනයේ තම්පඩ්ඩි රජයේ දෙමළ මිශ්‍ර පාසලේ කණ්ඩායමටයි.

මාස්ටර්ස් කාන්තා අංශයේ ජය සීලෝං කණ්ඩායමටත්, මිශ්‍ර අංශයේ ජය සබරගමු විශ්ව විද්‍යාලයේ කණ්ඩායමටත් හිමිවිය.

(ඡායා : ශානිකා ජයසේකර)

Continue Reading

පුවත්

ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

Published

on

By

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාලස් මහතා හෙට (03) දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසයි.

මෙම සංචාරයේදී නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විදේශ කටයුතු‍, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මුණ ගැසීමට නියමිත අතර නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ පැමිණිම පිළිගැනීම සඳහා ඔස්ට්‍රේලියන් හවුස් හිදී පවත්වනු ලබන විශේෂ දිවා භෝජන සංග්‍රහයේ ප්‍රධාන අමුත්තා ලෙස අග්‍රාමාත්‍යවරිය වන හරිනි අමරසූරිය ද එක්වීමට නියමිතය.

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය මාසල් මහතා විසින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර ආරක්ෂක අංශයේ සහයෝගීතාව වැඩි දියුණු කිරීමට ද මෙම සංචාරයේ අරමුණ බවද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.

නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමග ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන්ද සහභාගී වීමට නියමිත බවද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved