මේ වන විට ශ්‍රී ලංකා විදේශ සේවාවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ පුරප්පාඩුව පවත්නා බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
විදේශ සේවාවේ අනුමත නිත්‍ය කාර්ය මණ්ඩලය 275 කි.
එයින් දැනට සේවාවේ සිටින්නේ 174 දෙනකු පමණක් බවද පැවසේ.
ඒ අනුව අනුමත සේවක සංඛ්‍යාවෙන් 101 දෙනකු මෙතෙක් පත්කර නැත.
එම තනතුරු කාලයක් තිස්සේ පුරප්පාඩුව පවතන බවද පැවසේ.
එහෙත් පසුගියදා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ඇතිව විදේශ සේවයට නව සේවකයන් 40 දෙනකු බඳවා ගැනීමට පරීක්ෂණයක් පවත්වා තෝරාගත් නමුත් එයින් ද බඳවා ගත්තේ 20 දෙනකු පමණි.
විදේශ සේවාවේ මෙතරම් පුරප්පාඩු පවතිද්දීත් ඉතිරි 20 දෙනා බඳවා නොගැනීම නිසා දැන් ඔවුන් ඊට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබේ.