Connect with us

පුවත්

විදේශ සේවා දත්ත පද්ධතිය මැලේසියානු සමාගමකට

Published

on


නීතිපති නියෝග හා මුදල් අමාත්‍යාංශ කොන්දේසි නොතකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා අසාදු ලේඛනගත වූ මැලේසියානු සමාගමකට වසර 15 කට පැවැරීමට හදිසියේ ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වීමට එරෙහිව විදේශ සේවා නියුක්ති කාර්යාංශ අධ්‍යක්ෂ මණ්ඩලය විරෝධය පළකර ඇත.

මෙම ගිවිසුම් සඳහා අත්සන් කිරීමට අද (12 වැනිදා) දිනයේ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉහළ කළමනාකාරිත්වයට හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අරුණට පැවැසීය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තොරතුරු පද්ධතිය ඩිජිටල්කරණය සඳහා අමාත්‍ය මණ්ඩලයට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා යොමු කළ කැබිනට් පත්‍රිකාව සංශෝධනය කරන ලෙස නීතිපති හා මුදල් අමාත්‍යාංශය දමන ලද කොන්දේසි නොතකා මෙම ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වන බව එම නිලධාරියා පෙන්වා දුන්නේය.

මෙම සංශෝධන නොකර රටට අවාසිදායක ලෙස වසර පහළොවකට මෙරට විදෙස්ගත ශ්‍රමිකයන් සහ රැකියා ඒජන්සිවල සියලු දත්ත මැලේසියානු සමාගමකට පැවැරීම ජාතික ආරක්ෂාවටද තර්ජනයක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීහු පෙන්වා දෙති.

මෙම සමාගමට පැවැරීම සඳහා වූ ටෙන්ඩරයේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය පවා උල්ලංඝනය කර ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයකු නොමැතිව ටෙන්ඩරය ලබා දී ඇති බවත් නිලධාරීහු පෙන්වා දෙති.

මෙම ගිවිසුමට අත්සන් තබා ඊට වගකිව යුතු නිලධාරින් දෙදෙනකු රටින් පැනීමේ සූදානමක් ඇති බවත්, මෙම ගිවිසුම් නීති විරෝධී ලෙස අත්සන් කළහොත් නීති මගට යන බවත් වෘත්තීය සමිති නියෝජිතයන් අරුණට පෙන්වා දුන්නේය.

(අරුණ)

පුවත්

හිටපු සුරාබදු කොමසාරිස්ට එරෙහි පෙත්සමේ කරුණු තහවුරු කිරීමට දින දෙයි

Published

on

By

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අලුතින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලැබූ හිටපු සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 07 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මෙම පෙත්සම අද (20) එස්. තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නිසියාකාරව සම්පූර්ණ වී නොමැති නිසා අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 07 වනදා කැඳවන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියෝග කරන ලදී.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි ගිහාන් ෂවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පසුගිය රජය සමයේ අලුතින් සුරා බදු බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබියදී අලුතෙන් සුරාබදු බලපත්‍ර හතරක් නිකුත් කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු පිරිසකට එරෙහිව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Continue Reading

පුවත්

විජයමුණිට ඇප ( Update )

Published

on

By

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.

නීතිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කළ බවට අත්අඩංගුවට ගත් හිටපු ඇමති විජිත් විජයමුණි සොයිසා බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20) පෙරවරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්ය.

ඒ අනුව රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇපයක් මත ඔහු නිදහස් කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන මස 06 වැනි දින නැවත කැඳවීමටද නියෝග කර ඇත.  


(පෙර පුවත 2025 ජනවාරි 20 පෙ.ව 07:35 )

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි අත්අඩංගුවට

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, නීතිවිරෝධී ලෙස ලොරි රථයක් එකළස් කර, ඒ සඳහා ව්‍යාජ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙනි.

ඉහත සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (19) දිනයේදී හිටපු අමාත්‍යවරයා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත පැමිණ සිටි අතර එහිදී පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

විජිත් විජයමුණි සොයිසා මහතාව අද (20) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය

Continue Reading

පුවත්

ක්‍රිෂ් ව්‍යාපෘතියේ ප්‍රවර්ධකයා ඉන්දියාවේදී අත්අඩංගුවට

Published

on

By

ආන්දෝලනාත්මක ක්‍රිෂ් ව්‍යාපෘතියේ ප්‍රවර්ධකයා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගත් බවය.

කොළඹ නගරයේ ක්‍රියාත්මක ක්‍රිෂ් ව්‍යාපෘතියේ ප්‍රවර්ධකයා වන අමිට් කට්යාල් ඉන්දියාවේ මූල්‍ය අපරාධ විරෝධී විමර්ශන අංශය හෙවත් ඊඩී මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දීය රුපියල් කෝටි 200කට අධික වත්කම් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙන අතර කොළඹ ක්‍රිෂ් ව්‍යාපෘතිය ද ඊට ඇතුළත්ය.

කොළඹ නගරයේ අක්කර 4ක ඉඩමක ඉදිවෙමින් පවතින සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘති සහ බදු අයිතිය ඇතුළුව රුපියල් කෝටි 224.08ක් පමණ වටිනා දේපළ රාජසන්තක කර ඇති බව ඉන්දීය මාධ්‍ය  වාර්තා කරයි.

ඒ ක්‍රිෂ් රියල් ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ඇතුළු කිහිප දෙනෙකුට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවකට අදාළවය.

මෙම සමාගම දේපළ වෙළදාම් ව්‍යාපාරයේ නියැලී බොහෝ ආයෝජකයින්ට වංචා කර ඒ හරහා නීති විරෝධී ලෙස රුපියල් කෝටි සිය ගණනක් විදේශගත කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

අම්ට් කට්යාල් ශ්‍රී ලංකාවේ සිදුකරන මෙම ව්‍යාපෘතියට අදාළ සමාගම වන වන් ට්‍රාන්ස්වර්ක් ස්පෙයාර් හෙවත් මීට පෙර ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් කලම්බූ පෞද්ගලික සමාගම වෙත ඉන්දීය ගැනුම්කරුවන්ගේ මුදල් යොදවා ඇති බවට චෝදනා එල්ලවී ඇත.

මෙම මුදල් නීත්‍යානූකූලව උපයාගත් ඒවා බව හගවමින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇති බවයි වාර්තා වේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved