අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත්කිරීම සඳහා එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ නිර්දේශයක් ප්‍රතික්ෂේප කිරීමට නීතිඥවරයෙකු විසින් ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් රුපියල් ලක්ෂ 20ක නඩු ගාස්තුකට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලේය.
ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව ගනු ලැබූ තීරණය තුළින් මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වී නොමැති වීම හේතුවෙන් මෙම නඩු විභාගය නිෂ්ප්‍රභ කලේය.
ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
අදාළ විනිසුරු පත්කිරීම ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු වූ එස්.එම්.පතිරත්න මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දුන්නේය.
ඒ අනුව,වගඋත්තරකරුවන් විසින් රජයට ලක්ෂ 05ක් ව්‍යස්ථාදායක සභාවේ අනෙක් නිලධාරීන්ට ලක්ෂ 05 බැගින් රුපියල් ලක්ෂ 20ක මුදලක් ගෙවිය යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කලේය.