පුවත්

විමල් වීරවංශ රෝහලේ ලු

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සහ ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇපකරුවන්ට වහාම අධිකරණය හමුවේ හෙට (13) පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (12) නියෝග කළේය.

මෙහිදී සිය සේවාදායකයා රෝගි තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත වී ඇතැයි තමාට දැනුම්දුන් දී ඇතැයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කළ මුලික විරෝධතා පිළිබඳ නියෝගය අද (12) දින නිකුත් කිරීමට නියමිතව තිබුණි.

Trending

Exit mobile version