පුවත්

වියළි කාලගුණයේ වැඩිම බලපෑම යාපනයට!

Published

on

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 97,490 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ, දිස්ත්‍රික්ක 8කට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.

රත්නපුර, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල, යාපනය, මන්නාරම, මුලතිව් සහ බදුල්ල එම දිස්ත්‍රික්කයි.

එම දිස්ත්‍රික්කවල බලපෑමට ලක්ව ඇති පවුල් සංඛ්‍යාව 30,128 කි.

වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයටයි.

එම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 69,113 කට බලපෑම් එල්ල වී ඇත.

Trending

Exit mobile version