රැකියා විරහිත ගුරු විභාග සමත් හා මෙතෙක් රැකියා ගත නොකරන ලද උපාධිධාරී සංගමයේ කැඳවුම්කරුවන් හා ක්‍රියාකාරී තැනැත්තන් පිරිසක් විසින් අද (04) පැවැත්වීමට නියමිත විරෝධතාවය වළක්වන ලෙසට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මෙම විරෝධතා පා ගමන වළක්වන ලෙසට කරන ලද ඉල්ලීම් අනුව,
1. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිලාභී වශයෙන් කටයුතු කරන සුදේශ් රූපසිංහ
2. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නියෝජනය කරමින් ධම්මික මුණසිංහ
3. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නියෝජනය කරමින් අමන්දා ගමගේ
4. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නියෝජනය කරමින් දිනුෂා
ඒකනායක
5. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නියෝජනය කරමින් පූර්ණිමා නදීෂා සහ වෙනත් තැනැත්තන් වෙත මෙම නියෝගය ලබාදී තිබේ.
එම නියෝගයේ සඳහන් වන්නේ, කිසිදු පුද්ගලයෙකුට අවහිරයක් නොවන අන්දමින් මෙම උද්ඝෝෂණය සිදු කිරීමට සියළු වග උත්තරකරුවන් හා අනුගාමිකයින් වගබලා ගත යුතු බවත් කිසිදු අවස්ථාවක මාර්ගය අවහිර කරමින් පෙළපාලි පැවැත්වීම තහනම් බවය.
එලෙස වගකීම් ගැනීමට නොහැකි නම් අදාළ උද්ඝෝෂණය නොපමාව විසුරුවා හැරිය යුතු බවටත් මෙම අණ කඩකළහොත් සාමය රකිනු වස් ශ්‍රී ලංකා පොලිසිය ඊට වහාම පියවර ගත යුතු බවත් එම ආඥාවෙන් දැනුම්දී ඇත.