ජාතික ජනබලවේගයේ විරෝධතා රැළිය ට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
මැතිවරණය පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන ජාතික ජන බලවේගය විසින් අද කොළඹදී සංවිධානය කළ විරෝධතාව විසිරුවා හැරීමට පොලිසිය ජල හා කඳුලු ගෑස් ප්‍රහාරයක් දියත් කළේය.
මෙම විරෝධතාවට විශාල පිරිසක් එක්වී සිටි අතර එයට එරෙහිව අධිකරණය මගින් වාරණ නියෝගයක්ද නිකුත් කරනු ලැබ තිබිණ.