සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලවල මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාළ අතිකාල දීමනා ලබා දීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කලේය.
අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ, විශ්වවිද්‍යාල 17 ක සහ ඒකාබද්ධ පශ්චාත් උපාධි ආයතන 19ක අනධ්‍යන සේවකයින් 14,600 දෙෙනකු වැඩවර්ජනයක නිරත වීම හේතුවෙන් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයම අකර්මණ්‍ය වී ඇති බවය.
ඒ අනුව, සේවයට වාර්තා නොකළ දින නිවාඩු දින ලෙස සළකා කිසිදු දඬුවමකින් තොරව නැවත සේවයට වාර්තා කිරීමට සරසවි අනධ්‍යන සේවකයින්ට අවස්ථාව තිබෙන බවද සුරේන් රාඝවන් මහතා මෙහිදී පවසා සිටියේය.
රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර, ඔවුන්ගේ කාලය උදුරා නොගෙන සේවයට වාර්තා කරන්නැයි, ඔහු අනධ්‍යන සේවකයින්ගෙන් ඉල්ලීමක් කරන ලදී.
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනයට අදට දින 67 කි.
මාසික හිලව් දීමනාව ඉහළ නැංවීම හා 15% ක වැටුප් කප්පාදුවට විසඳුම් දෙන ලෙස ඉල්ලා ඔවුන් මෙම වැඩවර්ජනයේ නිරත විය.