විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසන්නේ, පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල බඳවා ගැනීම සඳහා ප්‍රවේශ අත්පොත අද (02) නිකුත් කරන බවය.
ඒ අනුව, විශ්වවිද්‍යාල සඳහා ඔන්ලයින් ලියාපදිංචිය ලබන සතියේ ආරම්භ වන බව වාර්තා වේ.
මෙවර උපාධි පාඨමාලා සඳහා සිසුන් 43,300ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇත.
වික්‍රාමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලයේ සේවා කළමනාකරණය පිළිබඳ නව උපාධි පාඨමාලාවක් හඳුන්වා දී ඇති බවත්, එමඟින් සිසුන්ට අධ්‍යයන පහසුකම් සැලසෙන බවත් කොමිසම සඳහන් කළේය.