පුවත්

විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

Published

on

2022/23 අධ්‍යයන වර්ෂ සඳහා විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් භාරගැනීම අදින් (05) අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් භාර ගැනීම පසුගිය සැප්තැම්බර් 14 සිට සති තුනක කාලයක් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කෙරුණි.

ඒ අනුව අදින් (05) පසු යළි අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ නොකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේය.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය සැප්තැම්බර් මස 04 වන දින නිකුත් කෙරුණු අතර ඒ සඳහා පෙනී සිටි අයදුම්කරුවන් 263,933ක් අතරින් 166,938 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා සිටී.

Trending

Exit mobile version